විදුහල්පති පණිවිඩය
ර/ ශ්‍රී ව ළගම්බා මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද විද්‍යාලයේ නව web ලිපිනය සිසුන්ගේ වෙනස්වන දැනුම පහසුවෙන් ලබාගැනීමට මෙන්ම ලෝකය සමග ඔවුන්ගේ තොරතුරු බෙදා ගැනීමට මහඟු අවස්ථාවක් උදාවේ. වර්තමානයේ ලෝකය මුහුණ දී තිබෙන බැරෑරුම් ප්‍රශ්න හමුවේ අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යාම සඳහා මෙවැනි යෙදවුමක් හරහා ලබාගත හැකි මෙහෙය අතිවිශාල බව කිවහැකිය. එම නිසා දරුවන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කරගැනීමටත් පාසල ලෝකයත් සමග බද්ධ වී කටයුතු කරන බව තහවුරු කිරීමටත් මෙවැනි සිදුවීම් අතිශයින් උපකාරී වේ. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට මග පෙන්වන තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරුන්ටත් ඒ සඳහා කටයුතු කරන දූ දරුවන් සියලු දෙනාටත් මාගේ සුභාශිංසන පුද කරමි.