නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ශත වර්ෂයකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ර/ශ්‍රී වළගම්බා ජාතික පාසල රට දැයට උදාර දූ පුතුන් දහස් ගණනක් දායාද කළ පින් බිමකි. පෙර රජ දවස ශ්‍රී ලන්කා ද්වීපයේ රජකම් කළ වළගම්බා මහනිරිදුන්ගේ පා පහස ලද මෙම ප්‍රදේශය ඉපෑරණි ඉතිහාසයකට උරුම කම් කියයි. එම නිරිදු නමින් නම්කර ඉදිවූ මෙම පාසල අදවන විට ජාතික පාසල් තලයට පැමිණීම සතුටකි. මේ වනවිට බලන්ගොඩ අධ්‍යාපන කලාපය තුළ සියලුම විෂය ධාරා පවතින පාසල් කීපය අතරින් මෙය පාසලකි.සිසු දරුවන් සඳහා විෂය බාහිර ක්‍රියාකාරකම් යටතේ ශිෂ්‍ය බට බාලක බාලිකා, පෙර අපර දෙදිග
තූර්ය වාදක කණ්ඩායම් පරිසර නියමුභට බාල දක්ෂද, ක්‍රීඩා අංශයෙන් මලල ක්‍රීඩා , කරාතේ හා ගෘහස්ත ක්‍රීඩාද කණ්ඩායම් ක්‍රීඩා යටතේ ක්‍රිකට් , දැල්පන්දු , අත්පන්දු , පාපන්දු ක්‍රීඩා සදහා පහාසුකම් ඇත. විෂය මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද ඉහළ ශිෂ්‍ය සාධනයක් පෙන්වමින් ජාතික විභාගවලින් විශිෂ්ට ප්‍රතිපල ගෙනදෙන පාසලකි. ප්‍රදේශයේ අධ්‍යාපන කේන්ද්‍රස්තානය වන්නා සේම අපගේ දැක්ම පරිදි විශ්වය්ට පිරිපුන් මිනිසෙකු දායාද කිරීමට වාළගම්බා විදු පියස සැමවිටම සැදී පැහදී සිටී